නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "මතින් නිදහස් රටක්" ජාතික වැඩසටහන ලබන 23දා නුවරඑළියේ දී

    මැයි 19, 2016
    "මතින් නිදහස් රටක්"  ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් උත්සවය ලබන 23දා පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේදී පැවැත්වීමට නියමිත බව නුවරඑළිය අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
     
    ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවෙන මෙම ජාතික වැඩසටහන මගින් මත්පැන් හා දුම්වැටි මත රාජ්‍ය බදු ආදායම සකසා ගැනීමේ වැඩපිළිවෙළ 2020 වන විට සම්පූර්ණයෙන් ම නවතා දැමීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන බව  ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව පැවසුවේ, මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් උත්සවය පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමිනි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම  දැනුවත් කිරීමේ වැඩසටහනට පැවැත්විණි.
     
    මෙම වැඩසටහනට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් නුවරඑළිය, අඹගමුව, වලපනේ, ‍කොත්මලේ සහ හඟුරන්කෙත යන ප්‍රා‍‍දේශීය ලේකම් ‍ කොට්ඨාසවලට අයත් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මැයි මස දෙවන සතියේ සිට ආරම්භකර ඇති අතර මැයි 23 දින දක්වා එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ සඳහා රාජ්‍ය නිලධාරීන්, මත් නිවාරණය සඳහා පුහුණුව ලැබු සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වනු ඇත.
     
    මේ වැඩසටහන දිස්ත්‍රික්කයේ  මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන්, පාසල් ළමුන් ඇතුළු දෙදහසකට අසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.  මෙහිදි දිස්ත්‍රික්කයේ මත් නිවාරණයට හේතුවන ලෙස කටයුතු කළ පොලිස් නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්, මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට ජනාධිපතිතුමා විසින් සම්මාන පිරිනැමීමට නියමිතව ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya