මේ වර්ෂාව දිවයිනේ නිරිත දිග කොටසට බලපෑ හැකියි. එහෙත් මැයි 23, 24, හා 25 දිනවලදී වර්ෂාවේ යම් වැඩිවීමක් පෙන්නුම් කරනු ඇත.
බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය නිසා මේ වන විට දිවයිනට බලපාන ලද වර්ෂාව තව දින 02කින් සුළි කුණාටු තත්ත්වයක් බවට පත්ව උතුරු දෙසට බරව ගමන් කර ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයට ඇතුළු වී ගොඩබිම දෙසට ගමන් කරනු ඇත . එය "රෝනු" ලෙස නම් කර තිබේ.
දිවයිනට බලපාන නිරිත දිග මෝසම් වර්ෂාව ලබන 25 දින වන විට ආරම්භ විය හැකි අතර දැනට පවත්නා කාලගුණ තත්ත්වය යටතේ නිරිත දිග මෝසම් තත්ත්වය ඉබේම සක්‍රීය වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.