මේ වන විට පුද්ගල මරණ 05ක් වාර්තා වී ඇති අතර පූර්ණ නිවාස හානි 02ක්, අර්ධ නිවාස හානි 30ක් හා වෙනත් දේපළ හානි රැසක් වේ. විපතට පත් වූවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කෙරෙනු ඇත.
අවතැන් ජනතාව කඳවුරු 223ක නවත්වා ඇති අතර එහි පවුල් 17,701කට අයත් පුද්ගලයන් 103,955 දෙනෙකු සිටින බව ගම්පහ අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.