උන් වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ 2015-2016 ශ්‍රි පාද වන්දනා වාරය නිමාවට පත්කිරිමේ සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාවට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකාවාසී ජනතාවට ආශිර්වාද පිණිස සිදුවන වන්දනා වාරය වෙසක් පෝයට පසුදා පෑලවියෙන් නිමාට පත් වේ.
පෑලවියදා එනම් වෙසක් පුර පසලොස්වක පොහෝ දින නල්ලතන්නියට සධාතුක කරඬුව හා සමන් දේව ප්‍රතිමාව වැඩමවා සෙත් පිරිත් දේශනා කොට පසුදා උදෑසන පැල්මඩුල්ල රජමහ විහාරය දක්වා රථ පෙරහැරකින් වැඩමවීමත් සමන් දේව මන්දිරයේ තැන්පත් කිරීමටත් නියමිත බව උන්වහන්සේ පෙන්වා දුන්නහ.
එදින සවස අලංකෘත පෙරහැරකින් ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාර මහා දේව මන්දිරයට වැඩමවා පුද සිරිත් සිදු කොට තැන්පත් කිරිමෙන් වන්දනා වාරය නිමවන බවද ශ්‍රිපාදස්ථානාධිපති අති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
මේ අවස්ථාවට සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න,අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම, ප්‍රාදේශිය ලේකම්වරුන් සහ,පොලිස් නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ඊට සහභාගි වූහ.
DMU_ Ratnapura