අමාත්‍යවරයා මේ බව පවසන්නේ අද (13) පෙරවරුවේ ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ පැවති මාධ්‍යවේදීන් සඳහා සහනදායී ණය පදනම මත යතුරුපැදි බෙදාදීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි.
වැඩිදුරටත් අදඑස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. "ජනතාවට සහනදීම, ජීවන බර අඩුකිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක්. එදා ඡන්දෙන් කිවූ පොරොන්දු ඉටු වී තියෙනවා. පසුගිය රජය සමයේ පැවැති මිල ගණන් වඩා අද කිරිපිටි, ගෑස්, පෙට්රල්, ඩීසල්, භූමිතෙල්, පරිප්පු, හාල්, පොල්තෙල්, පාන්, පාන්පිටි, ටින් මාළු, ලොකු ළූනු, මුංඇට, සීනි, සිමෙන්ති වැනි ද්‍රව්‍යවල දැන් මිල ගණන් අඩුවෙලා. අපි පඩි රුපියල් 10,000කින් වැඩි කළා. වැට් 4%කින් වැඩි වුණේ යම් යම් දේවලට පමණයි.
ජීවන බර අඩු කර මේ රට සංවර්ධනය කරල මානව හිමිකම් ඇති රටක් බිහිකරන්න අපිට අවස්ථාව දෙන්න. එදා ගත් තීන්දු තීරණ නිසා අද අපිට මේ ලෙස කටයුතු කරන්න වෙලා තියෙන්නේ. මේ 4%කින් බදු වැඩිවීම රාජපක්ෂ බද්දක්. ආර්ථිකය සංවර්ධනය වන විට එයට බාධා කරන්න එපා. පිටරට ආයෝජන ඕනෑ තරම් ගලා එනවා. දූෂණය අඩු කරනවාට වඩා නැත්තටම නැති කිරීමයි අවශ්‍යයි. අපි සියලු දෙනා එකට එකතු වී වැඩ කරමු" යැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.