නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යවේදීන් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළ මැතිවරණ‍ පොරොන්දුවක් නොවේ

    මැයි 13, 2016
    මාධ්‍යවේදීන් සඳහා යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළ මැතිවරණ‍ පොරොන්දුවක් නොවන බවත් ඔවුන්ගේ සුබසාධනය පැත්තෙන් කළ යුතු සියලු දේ කරන්න අධිෂ්ථාන කර  ගෙන ඇති බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
     
    මාධ්‍යවේදීන් සඳහා සහනදායි ණය පදනම මත යතුරුපැදි ලබා ගැනීමට අදාළ චෙක්පත් පිරිනැමීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අද (12) පෙරවරුවේ කොළඹ 07, ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.
     
     
    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, අපි බලයට පත් වූ පසු මාධ්‍යවේදීන් සඳහා ලබා දෙන බව කිව්ව බොහෝ දේ ඉටු කර තියෙනවා. ඒ මාධ්‍ය නිදහසයි. මාධ්‍යවේදීන්ගේ නිදහස ගැන තිබුණේ කළු පැල්ලමක්. ඒ කාලේ මරණීය තර්ජන, සුදුවෑන් බිය, මරණීය තර්ජන නිසා රට හැරයාම, නිදහසේ ප්‍රවෘත්තියක් පළ කිරීමට අවස්ථාවක් තිබුණේ නැහැ. නමුත් අද වන විට මාධ්‍ය නිදහස හොඳින් භුක්ති විඳිනවා. සමහරුන් කියන්නේ ඕනෑවට වඩා නිදහසක් ඇති බවයි.
     
    මාධ්‍යවේදීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියේදී ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන  සුදුසු ඉඩමක් හඳුනාගෙන තීරණාත්මක තැනකට ඇවිත් තියෙනවා . පසුගිය වසරේ මාධ්‍ය නිදහස අතින් ලොව 165 වන ස්ථානයේ සිටි අප අද 141ක් වන ස්ථානය ලබා ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා යතුරු පැදි සඳහා ලබාදෙන සහනදායි ණය පදනමට අනුව 9% පොලියෙන් 7%ක් මහ භාණ්ඩාගාරයෙන් ගෙවන බවත්, ඉතුරු 2%ක පමණක් මාධ්‍යවේදින්ගෙන් අය කරගන්නා  බවත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya