නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරම්පරික වී එක් ගොවියෙකුට කිලෝ 5 බැගින්

    මැයි 11, 2016

    වසවිසෙන් තොර පාරම්පරික බීජ වී එක් ගොවියෙකුට කිලෝ ග්‍රෑම් 5 බැගින් ලබාදිමට සහ  සී ක්‍රමයට වගා කිරිමට ඉදිරිපත් වන වී ගොවීන්ට ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර නොමිලේ ලබාදීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.


    වසවිස නැති ධාර්මික වී ගොවිතැන යනුවෙන් රජය ගෙන යන 3 අවුරුදු වැඩසටහන පිළිබඳව රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දැනුවත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
     
    රසායනික පොහොර හා කෘමිනාශක දියර භාවිතය වෙනුවට පාරම්පරික ක්‍රම සහ කාබනික පොහොර යොදාගෙන ගොවිතැන සහ ජනතාව ආරක්ෂා කරන ක්‍රමවේදයක් ගොවින්ට හඳුන්වා දී නිරෝගිමත් ජනතාවක් බිහිකිරිම තම අභිප්‍රාය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ පෙන්වා දුන්නහ.
     
    මේ අවස්ථාවට සහභාගී වු රත්නපුර දිස්ත්‍රික් කෘෂි නිලධාරීන් කියා සිටියේ මෙම ක්‍රමයට වී වගා කිරිම සඳහා කුඹුරු අක්කර 400ක් යල කන්නයේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් සූදානම් කර ඇති බවයි.

    මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ඇතුලු කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ගොවි ජනතාව නියෝජනය කරමින් ගොවි සමිති නියෝජිතයින් රැසක්ද සහභාගී වී සිටියහ.

    DMU_ Ratnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya