මෙම ව්‍යාපෘතිය කැනඩා රජයේ ආධාර ඇතිව (International Development Research Centre-IDRC/ Global Affairs Canada- GAC) එම ආයතනයේ ආහාර තාක්ෂණ අංශයේ සහ ද්‍රව්‍ය තාක්ෂණ අංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරනු ලැබ ඇත.
අපතේ යන කෙසෙල් කඳන්වලින් ලබා ගන්නා කෙසෙල් කෙඳි සඳහා විදේශ වෙළෙඳපොළක් ඇති බවත් එහි දී අපද්‍රව්‍ය ලෙස ඉවත්වන කෙසෙල් බඩ (Banana pith) වශයෙන් හඳුන්වනු ලබන මෙම අපද්‍රව්‍ය භාවිතයෙන් අඹ අස්වනු නෙලීමෙන් පසු ප්‍රවාහනය කිරීමේදී භාවිත කළ හැකි ඇසුරුමක් නිපදවා ඇත. මේ පරිසර හිතකාමී පලතුරු ඇසුරුම් දැනට භාවිත කරන දිරා නොයන ස්ටයිරෆෝම් ඇසුරුම් වෙනුවට භාවිත කළ හැක.
මෙම ඇසුරුමට අමතරව එම ව්‍යාපෘතිය යටතේ අඹ, කෙසෙල්, ගස්ලබු වැනි පලතුරු සඳහා අස්වැන්න කල්තබා ගත හැකි සහ එම පලතුරුවල ජීව කාලය දිගු කරගත හැක. පරිභෝජනයට සුදුසු තාක්ෂණ ක්‍රම කිහිපයක් වගාකරුවන්ට හඳුන්වාදීමට බලාපොරොත්තු වේ. මේ තුළින් දේශීය වගාකරුවන්ට, අලෙවිකරුවන්ට හා අපනයනකරුවන්ට ප්‍රවාහනයේදී මුහුණපාන ගැටලු කිහිපයක් මගහරවා ගත හැකි අතර තම අස්වැන්න සඳහා වැඩි මුදලක් ලබා ගත හැකිවනු ඇත. මෙම පලතුරුවල සිදුවන 40%ක පසු අස්වනු හානිය අඩු වශයෙන් 10%ක ප්‍රමාණයක් අඩු කර ගැනීම මෙහි අරමුණයි.
මෙම ව්‍යපෘතිය හා සම්බන්ධ විදෙස් රටවල් රැසක නියෝජිතයන් සහභාගිවන ව්‍යපෘතිය සමාලෝචනයක්. විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්. විජයලක්ෂ්මී සහ කැනඩා මහකොමසාරිස් Shelley Whiting යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මැයි මස 09 වන දින ගෝල්ෆේස් හෝටලයේදී ආරම්භවිය.මෙම ප්‍රගති සමාලෝචනය ලබන 13 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.