නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුර නගරයේ කසළ බැහැර කිරිම විධිමත් කිරීමට යෝජනා රැසක්

    මැයි 04, 2016
    අනුරාධපුර නගරයේ කසල බැහැර කිරිම පිළිබදව නිශ්චිත ක්‍රමවේදයක් සැකසීම සදහා වන විශේෂ සාකච්ඡාවක් , පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. 
    විශේෂයෙන් උත්සව සමයේ දී අනුරාධපුර පුජා නගරය ආශ්‍රිත ප්‍රදේශය තුල අවිධිමත් ලෙස කසල බැහැර කිරිම සිදුවේ.
    එය වැලැක්වීම සදහා මෙතෙක් ගන්නා ලද ක්‍රියාමාර්ග කිසිවකින්  සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන නොමැති බව මෙම අවස්ථාවට සහභාගී වු සියලුම නිලධාරීන් විසින් අවධානයට ගනු ලැබීය. මෙම තත්ත්වය මත මින් ඉදිරියට ගන්නා තීන්දු නිසි ලෙස සෘජුව ක්‍රියාත්මක කිරිමට සියලු වගකිව යුතු නිලධාරින් වගබලා ගත යුතු බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී . කුමාරසිරි මහතා පැවසීය.
     
    කසල බැහැර කිරීමට සුදුසු ස්ථාන සකස් කිරීමත්, උත්සව සමයේ දී අනුරාධපුර නගරයට බැතිමතුන් පැමිණිමට පෙරත් , පැමිණි පසුවත් කසල බැහැර කිරීම පිළිබදව මාධ්‍ය මගින් මෙන්ම  අත් පත්‍රිකා හා පරිසර භට කණ්ඩායම් යොදාගෙන දැනුවත් කිරීමත් විශේෂයෙන් සිදුකල යුතු බව මෙහිදී අවධානයට ගන්නා ලදි. 
     
    මීට අමතරව පුජා නගරය තුල ගිනි දැල්වීම නැවැත්වීමට අවශ්‍ය පියවර ගැනිම පිළිබදව ද සාකච්ඡා විය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් අදහස් දක්වමින් කියා සිටියේ පුජා නගරය තුල ගිනි දැල්වීම නිත්‍යනුකූලවම තහනම් බවයි. එමෙන්ම දන්සල් පවත්වන සියලු දෙනා දර භාවිතය වෙනුවට ඊට ගෑස් භාවිත කළ යුතු බවට එම දන්සල් කරුවන් දැනුවත් කරන බව ද අවධාරණය කරගන්නා ලදි. වන්දනා කරුවන්ට ආහාර පිසීම  සුදුසු ස්ථානයක් ඉදිරියේ දී සකස් කෙරෙනු ඇත. 
     
    මග දෙපස පවත්වාගෙන යන තාවකාලික වෙළද සැල් මගින් ද අවිධීමත් ලෙස කසල බැහැර කරන නිසා ,  එම වෙලද සැල් හිමියන් දැනුවත් කිරීමට ද විශේෂ වැඩ පිළිවෙලක් මින් ඉදිරියට දියත් කෙරෙනු ඇත.  
     
    රැස්වීමට අදහස් දැක්වු අනුරාධපුර වෙළද සංගමයේ ලේකම් රවීන්ද්‍ර මුණසිංහ මහතා පැවැසුවේ, අනවසර තාවකාලික වෙළද සැල් ඉවත් කිරිමට පියවර ගන්නේ නම් ඉතා යෝග්‍ය බවයි. 
     
    වන්දනාකරුවන්  නුවර වැව හා තිසා වැව  ස්නානය කිරිම සදහා භාවිත කිරිමෙන් ජලය අපවිත්‍ර වීම දැඩි ගැටලුවකි. එම නිසා නගරාශ්‍රිතව පවතින මෙම වැව් ස්නානය සදහා භාවිත කිරිමේ දී ඊට ද විධිමත් වැඩපිලිවෙලක් සැකසීමට ද ඉදිරියේ දී යෝජනා ඉදිරිපත් කරන ලෙස සහභාගී වු නිලධාරින්ගෙන් දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කළේ ය.
     
    මෙම රැස්වීම අවසානයේ  දිස්ත්‍රික් ලේකමවරයා ගේ සභාපතිත්වයෙන් විශේෂ කමිටුවක් ද පත්කළේ, ඉදිරියේ පරිසර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ක්‍රමවත් තීන්දු ගෙන ඒවා සක්‍රියව ක්‍රියත්මක කීරීම අරමුණු කරගෙනයි. 
     
    අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන රැසක ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවය සංවිධානය කලේ , මධ්‍යම පරිසර අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධවයි. 
     
    AP/DMU-Anuradhapura
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya