නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර දිස්ත්‍රික්කයේ තේ දළු ඵලදාව ඉහල නැංවීමට පියවර ගැනේ

    අප්‍රේල් 16, 2016
    කළුතර දිස්ත්‍රික්කයේ තේ දළු ඵලදාව ඉහල නැංවීම සඳහා විධිමත් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට කුඩා තේ වතු සංවර්ධන  අධිකාරිය සැලසුම් කර ඇත. 
    මෙහි පළමු පියවර ලෙස දිස්ත්‍රික්කය සදහා අවශ්‍ය සියලු තේ පැල දිස්ත්‍රික්කය තුලම නිෂ්පාදනය කිරීමට අලුතින් තවාන්කරුවන් හැට දෙනෙකු තෝරා ගෙන ඇත.
     
    තේ දළු කි.ග්‍රෑම් එකක් නිපදවීම සදහා තේ නිෂ්පාදකයෙකුට වැය වන්නේ රු. 40 ක් පමණ බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කළමනාකාර තිලක් අබේපිටිය මහතා පවසයි. තේ ඵලදාව ඉහළ නැංවීම මගින් මෙම පිරිවැය තවත් අඩුකර කර ගැනීමට තේ වගාකරුවන්ට හැකි වේ.
     
    වාර්ෂිකව පැල ලක්ෂ 25 ක් දිස්ත්‍රික්කයේ තේ වගාවට අවශ්‍ය වන අතර කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ පැල තවාන් වල හා දැනට ලියාපදිංචි පුද්ගලික තවාන්කරුවන් එක්ව නිපදවන්නේ පැල ලක්ෂ 13 ක් පමණී. ඉතිරි පැල අවශ්‍යතාවය වෙනත් දිස්ත්‍රික්කවලින් ලබා ගන්නා අතර එම පැල නියමිත ප්‍රමිතියට නොමැති වීම ඵලදාව අඩුවීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත.
     
    දැනට දිස්ත්‍රික්කයේ තේ අක්කරයකට දළු කි.ග්‍රෑම් 400 ක් පමණ නිෂ්පාදනය කරන අතර ඉහළ ප්‍රමිතියෙන් යුත් පැල යොදා ගැනීම මගින් මෙම ඵලදාව දෙගුණ කිරීම කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙහි අරමුණයි.
     
    කළුතර දිස්ත්‍රික්කයේ කිසිදු තේ කම්හලක් පසුගිය වර්ෂය තුල වසා දමා නැති බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය අවධාරණය කරයි.
     
    AP/DMU- Kalutara
                               

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya