ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය විසින් සංවිධානය කරනු ලබන “අපේ කැවිලි පොල“ අද දින(11) දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය පරිශ්‍රයේ දී පැවැත්වේ. ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය වන අතර වස විසෙන් තොර දේශීය ආහාර සංස්කෘතියට ප්‍රජාව හුරු කරවීම හා ප්‍රජාවගේ සෞඛ්‍ය, පෝෂණය ශක්තිමත් කිරීම මෙහි අරමුණයි. AP/DMU-Galle