යහපාලනය තුලින් "රාජ්‍ය සේවය ජනතාව පිණිසයි" යන තේමාව මුල් කොට ගෙන මහජනතාවට වඩාත් කාර්ක්ෂම සේවයක් ලබා දීමත් රජය මගින් ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් ප්‍රාදේශිය මට්ටමට ගෙනයෑම සදහා ප්‍රධාන දායකත්වය ලබා දෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශක්තිමත් කිරීමත් මෙම නව ඉදි කිරීම් සිදු කිරීමේ අරමුණයි.
මහනුවර දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක් වන මිනිපේ සහ පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මුල් කරගෙන මෙම ගොඩනැගිලි ඉදි කොට තිබේ. ඒ අනුව දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදි කොට ඇති මිනිපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ල සදහා රජය මගින් රුපියල් ලක්ෂ 390 ක මුදලක් වැය කොට ඇත. පන්විලි ගොඩනැගිලි සංකීර්ණය සදහා වැය කොට ඇති මුදල ලක්ෂ 356 ක් වන අතර මෙම ගොඩනැගිලි තෙමහල් ගොඩනැගිලි සංකීර්ණ වශයෙන් ඉදි වී තිබේ.
ප්‍රාදේශීය ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයට අවශ්‍ය කාර්යාල, මහජනතාවට රැදී සිටීමේ ස්ථාන, රැස්වීම් ශාලා, පරිගණක මධ්‍යස්ථාන ඇතුළු නවීන පහසුකම් වලින් මෙම ගොඩනැගිලි සමන්විතය.
AP/DMU-Kandy