නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්පාරේ ඇන්තූරියම් වගාවෙන් ඉහළ ආදායම් ක්‍රමයක්

    මාර්තු 24, 2016

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කාන්තාවන් දස ලක්ෂයක ආදායම රුපියල් ලක්ෂයකින් ඉහළ නැංවීමේ "ධන සවිය" ජාතික ආර්ථීක වැඩසටහනට සමගාමී ඇන්තූරියම් වගා ව්‍යාපෘතිය අම්පාරේ දී ආරම්භ කර තිබේ.

    ඒ අනුව මලකට රුපියල් 25ක් ලබා ගැනීමට හැකි වන අතර  වර්ග අඩි 150කින් රුපියල් 4,500ක ආදායමක් ලබා ගැනීමට හැකි වේ.

    මෙලෙස ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ ඇන්තූරියම් වගාව කාන්තාවන් අතරේ ප්‍රචලිත කරමින්, එමගින් ඉහළ ආදායමක් කාන්තාවන් වෙත ලබා දීමට කටයුතු කෙරෙන අතර, එසේ නිෂ්පාදනය කරනු ලබන ඇන්තූරියම් මල් හා කොළ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අපනයනය කිරීමට ද සැලසුම් කර ඇත.

    අමාත්‍ය දයා ගමගේ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහනට අනුව, දිරිය කාන්තාවන් දස ලක්ෂයක් ආර්ථීක වශයෙන් ශක්තිමත් කිරීමෙන් ජාතික ආර්ථීකයට රුපියල් බිලියනයක ආදායමක් එක් කිරීමට ද අපේක්ෂා කෙරේ.


    කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කරන්න සැලසුම් කරලා තිබෙන බවත්  මීට පෙර ගර්කින් ව්‍යාපෘතියක් ආරම්භ කළ බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවාය.

    අඩි දහයයි පහළව කොටසක ඇන්තූරියම් පැළ 180ක් හදාගන්න පුළුවන්. මේ වගේ මලක් රුපියල් 25කට විකිණෙනවා. වැඩිපුර වතුර අවශ්‍ය වෙන්නෙත් නෑ. ඒ නිසාම වැඩියේ මහන්සි වෙන්න උවමනා නෑ.මේකට අවශ්‍ය වෙන මුල්‍යාධාර හා තාක්ෂණය අපි ලබා දෙන්න සූදානම්. ඒ වගේම මල් හැදුවට පස්සේ විකුණාගන්න එක ප්‍රශ්නයක්. මම හොයලා බැලූවා, මැද පෙරදිග ඹල් අවශ්‍යතාවයෙන් සියයට එකයි සැපයෙන්නේ. අපිට තියනවා මැදපෙරදිගට විතරක් මල් අවශ්‍යතාවයෙන් සියයට අනූ නවයක අවශ්‍යතාව පුරවන්න. සතිපතා අපිට පුළුවන් අපනයනය කරන්න.

    අම්පාරේ ඉන්න අය විවිධ දේ කරමින් විශාල ආදායම් උපයනවා. ඒ අය හරහා විශාල ආදායමක් ලබා ගන්නවා. මේක ගම් මට්ටමින් සංවිධානගත වෙලා වගා කරන්න. එහෙම සංවිධානාත්මකව වැඩ කළාම අපිට පුළුවන් මිලදී ගැනීම්, තාක්ෂණික පුහුණු වගේ වැඩසටහන් හොඳින් කරන්න. මේ වගාවන් සාර්ථකව සිදු කරන අයට අවශ්‍ය උදව් හා අවශ්‍ය සෙසු දේවල් සපයන්න සූදානම්. පැළයක් හදනවා කියන්නේ දරුවෙක් හදනවා වගේ වැඩක්. මහන්සියෙන් හා උවමනාවෙන් වැඩ කරන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

    මේ වසර අවසන් වන විට ගර්කින් වගාවට අම්පාර දිස්ත්‍රික්කයේ කාන්තාවන් 200ක් සම්බන්ධ කිරීමට අපේක්ෂා කරන අතර ගර්කින් වගාව සාර්ථකව කිරීමෙන් ගර්කින් කිලෝ එකකින් රුපියල් 60ක ආදායමක් ඉපයීමට හැකි බවත් කාන්තාවට ගෙදර සිට ම රුපියල් ලක්ෂයක් ලබා ගැනීමට හැකි ආදායම් මාර්ගයක් ඇති වන බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya