ගිහි පිරිස් වලට මෙන්ම රෝගී වන මහා සංඝයා වහන්සේලාට රෝහල් පහසුකම් සැලකිය යුතු තරම් පවතින නමුත් එම රෝහල් වල මහා සංඝරත්නය වෙනුවෙන් සුදුසු ගැලපෙන පරිදි පහසුකම් සපරා නොමැත. ඒ හේතුවෙන් රෝහල් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන භික්ෂූන් වහන්සේලා අපහසුතා විදි අවස්ථා ද දක්නට ලැබේ.
මෙම අපහසුතා මගහරවාලීම වෙනුවෙන් මහා සංඝරත්නය කෙරෙහි නිසි ගෞරවය සහිතව රෝහල් පහසුකම් හිමිකරදීමේ මහා පූණ්‍යකර්මය හොරණ කිරිවන්තුඩුව ‘ගුරුදෙව් සුව අරණ භික්ෂූ රෝහල’ පර්චස් 104ක වපසරියක රොහල් කාමර 35ක පහසුකම් සහිතව සිවු මහල් ගොඩනැගිල්ලක් ලෙසින් ඉදිකිරීම් සිදු වේ.
කොරියානු රජයේ ආධාර හා දේශිය බෞද්ධ පිංවතුන්ගේ ආධාර සහිතව ඉදිවන මෙම භික්ෂූ රෝහල මෙරට භික්ෂූ රෝහලක් ලෙස ඉදිවන ප්‍රථම රෝහල ද වේ.
කොහුවල සුනේත්‍රා දේවී ශ්‍රී ධාතු මලු විහාරාධිපති පූජ්‍ය පිටිගල සෝණුත්තර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ඇරඹි මෙම පුණ්‍ය කටයුත්ත සඳහා දකුණු කොරියානු බෞද්ධ රෝහලේ භික්ෂූන් වහන්සේලා හා ශ්‍රී ලාංකීය භික්ෂුන් වහන්සේලා ද වැඩමකර සිටි අතර හිටපු ඇමතිනී සුනේත්‍රා රණසිංහ මහත්මිය ද එක්වූහ.