නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘෂි පර්යේෂණ තොරතුරු ගොවියා වෙත යා යුතුයි- කෘෂිකර්ම ඇමැති

    මාර්තු 20, 2016

    කෘෂිකාර්මික පර්යේෂණ මඟින් ලබා ගන්නා වූ තොරතුරු ගොවි ජනතාව වෙත නිවැරදිව සම්ප්‍රේෂණය කිරීමේ කාලීන අවශ්‍යතාවයක් බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

    හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ "ගොවිජන හා ග්‍රාමීය සංවර්ධනය" යන මැයෙන් පවත්වන ලද පර්යේෂණ සම්මන්ත්‍ර‍ණය පසුගියචා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේදී පැවති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    පසුගිය වසර දෙක තුළ ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් සිදු කරනු ලැබූ පර්යේෂණ රට හමුවේ තැබීමේ දී එම කරුණු වෙනස් විය යුතු ආකාරය නවීකරණය විය යුතු ආකාරය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතු බවත්  තවද ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ රට තුළ වගා කළ හැකි ඉඩම් තුළ වගා කිරීම සහ ඒවායෙන් උපරිම ඵලදා‍වක් ලබා ගැනීම තුළින් යම් යම් බෝග වලින් අප රට ස්වයංපෝෂිත කිරීමේ අභියෝගය ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    ඒ සමා ප්‍රකාශ කළේ එම අභියෝගය ජය ගැනීම තුළින් ආහාර ද්‍ර‍ව්‍ය පිටරටින් ගෙන ඒමට වැයවන මුදල් අප රටේ සංවර්ධනයට යොදා ගත හැකි බවයි.


     
    තවද මෙම නව පර්යේෂණ මඟින් සොයා ගන්නා ලද කරුණු ග්‍ර‍න්ථවලට පමණක් සීමා නොවී එම කරුණු පිළිබඳ විද්වත් කතිකාවත් ඇති කර නිවැරදි කරුණු ගොවි ජනතාව වෙත සමාජගත  කිරීම තුළින් කෘෂිකර්මාන්තය නව දිශාවකට යොමු කළ යුතු බව අවධාරණය කළේය.

     

    මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතා, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නිමල් සඳරත්න මහතා සහ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya