ළමයින්ගේ සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තහවුරු කර ඔවුන්ට හිතකර සමාජයක් බිහි කරලීමේ අරමුණින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පොලිස් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් ඉදිකෙරුණු මෙම එක් ගොඩනැගිල්ලක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක් වැය කර ඇත.
ළමයින් හා කාන්තාවන් සම්බන්ධ සිද්ධීන් විමර්ශණය කිරීමේදී ඔවුන්ගේ රහස්‍යභාවය රැකෙන අයුරින් අංග සම්පුර්ණව මෙම ගොඩනැගිලි ඉදි කර ඇත. උපදේශන කාමර ,සෙල්ලම් මිදුල් ,රෑපවාහිනී යන අංගවලින් මෙය සමන්විතය.
AP/DMU-Kurunegala