මෙහිදී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නව ඉදිකිරීම් සහ පිළිකා රෝගීන් සඳහා ප්රමාණවත් ඉඩ කඩ නොමැති වීම පිළිබඳව විශේෂ අවදානය යොමු කළ අතර ඉදිකිරීම් හි වත්මන් ප්රගතිය විමසා බැලීමද සිදු විය. එමෙන්ම මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්රික්කයේ සියළුම පළාත් පාලන ලේකම්වරුන් පැමිණ සිටි අතර අඛණ්ඩව සිදු විය යුතු කැලි කසල ප්රවාහනය සහ ප්රාදේශීය සංවර්ධන වැඩසටහන් හි ප්රගතිය විමසා බැලීම ද සිදු විය.ගාල්ල දිස්ත්රික්කයේ ඇතැම් පාසල් හි පවතින ගුරුපුරප්පාඩු පිළිබඳව බලධාරීන්ගේ අවදානයට ලක්කල අතර ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බවට යෝජනා විය.
පාර්ලිමේන්තු, පළාත් සභා සහ පලාත් පාලන මහජන නියෝජිතයින් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
AP/DMU-Galle