ගාල්ල, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලක්ෂ 285 ක වියදමින් අභිනවයෙන් ඉදිකල තෙමහල් ගොඩනැගිල්ල පසුගිය දා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන් අතින් විවෘත විය.
මේ අවස්ථාව සඳහා ගාල්ල වැ.බ දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
AP/DMU-Galle