නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට නිවාස දෙකක්

    මාර්තු 14, 2016
    දිවි නැගුම වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකට නිවාස දෙක බැගින් තනා ගැනීම සදහා ආධාර ලබා දීම සිදු කරන බව කොළඹ දිස්ත්‍රික් දිවි නැගුම අධ්‍යක්ෂ හර්ෂනී සිරිනාම මහත්මිය පැවසීය.
    කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශිය ලේකම් සමුළුවේ දී සිරිනාම මහත්මිය මෙම කරුණු අනාවරණය කළාය.
     
    ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිරිය ලියට සෙවනක් යන තේමාව මුල් කර ගෙන ක්‍රියාත්මක කරන මෙම වැඩ සටහන යටතේ එක ගෙයකට ලක්ෂ එක හමාර බැගින් ලබා දීමට කටයුතු යොදා ඇත.
     
    මෙහිදී මෙම නිවාස තනා දීම සිදු කරනු ලබන්නේ ස්වාමියා හැර ගිය පවුල්, ආබාධිත දරුවන් සිටින පවුල්,ස්වාමියා බන්ධනාගාරගත පවුල් හා අනාරක්ෂිත ගැහැණු දරුවන් සිටින පවුල් සදහා බව ඒ මහත්මිය වැඩි දුරටත් පැවසුවා ය.
     
    AP/DMU-Colimbo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya