ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙයි.
ඒ අනුව මාර්තු මස 19 වන දින මිනිපේ, 26 වන දින පදවිය, 31 වන දින ගෝමරන්කඩවල, අප්‍රේල් 01 දින දඹුල්ල සහ රත්තොට යන නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිලි ද මේ මස 31 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නව ගොඩනැගිල්ල ද ජනතා අයිතියට පත්කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සියලු කටයුතු සංවිධානය කර ඇත.