මේ යටතේ මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නිවාස 06 ක් සහ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නිවාස 03 ක් ද ඉදි කෙරෙන අතර, මහියංගන දෙහිගොල්ල ග්‍රාම නිළධාරී වසම තුළ ඉදි කෙරුණු නිවාස 06 පසුගියදා ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් නිවෙස් හිමියන් වෙත බාරදීම සිදුකෙරිණි.
උල්හිටිය ජලාශයේ ජල ගැලීම්වලට යටවන මීගහහේන ග්‍රාම නිලධාරී වසමේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම නිවාස 06 ඉදිකර තිබේ. මෙම එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 05 ක් බැගින් වැයකර තිබෙන අතර ප්‍රතිලාභීන්ගේ ශ්‍රම දායකත්වය මත නිවාස ඉදිකර තිබේ.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ උපදෙස් මත බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ මහියංගන ප්‍රාදේශීය ලේකම් කාර්යලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.
AP/DMU -Badulla