ඒ අනුව ග්‍රාමීය මාර්ග පුණර්ජීවන වැඩසටහන යටතේ ඉදිකරනු ලැබූ නාමල්ගම 404 ඒ.ඩී.1 බැඳුම් ඇළ මාර්ගය ජනතා අයිතියට පත් කළ අතර මේ සඳහා වැය වී ඇති මුදල රුපියල් ලක්ෂ හයක් පමණ වේ.
එහිදී රජයේ වැඩපිළිවල සම්බන්ධයෙන් ප්‍රසාදය පල කළ ප්‍රදේශයේ ජනතාව, තම අස්වනු සඳහා සහතික මිලක් ලබා දීම- මාර්ග ඇතුළු යටිතල පහසුකම් ලබා දීමට කටයුතු කිරීම වැනි රජයේ මැදිහත්වීම් සම්බන්ධයෙන් සිය කෘතඥතාව පල කර සිටියහ.
මේ අතර රුපියල් ලක්ෂ හයක පමණ වියදමින් නවීකරණය කරනු ලැබූ මානවාගම මාර්ගය ද ජනතා අයිතියට පත් කරනු ලැබීය.
එසේම දියවද්දාගම ප්‍රදේශයේ ක්‍රියාත්මක ගර්කින් වගා ව්‍යාපෘතියක් නිරීක්ෂණය කිරීමට ද අමාත්‍ය දයා ගමගේ මහතා මෙහිදී සහභාගී විය. ඉහළ ආදායමක් ලබා ගත හැකි වගාවක් වන ගර්කින් වගාව අම්පාර දිස්ත්‍රික්කය තුළ ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් මේ වන විටත් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ.