ඌව පළාත් සභාව විසින් මෙහි වෙළදසැල් 12 ක් ඉදිකිරීමට රුපියල් මිලියන අටක මුදලක් වැයකර තිබේ.
දියඇල්ල නැරඹීමට දිනකට පැමිණෙන 3000 ක් පමණ වන දේශීය විදේශීය සංචාරකයින්ගේ පහසුව සඳහා ඉදිකළ මෙම වෙළදසැල්වලින් දේශීය ආහාර සහ නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.
දිය ඇල්ලට යන මාර්ගයේ අබලන් ගොඩනැගිලි ඉවත් කර නව ගොඩනැගිලි ඉදිකිරීමට ඉදිරියේදී ඌව පළාත් සභාව බලාපොරොත්තු වේ.
AP/DMU-Badulla