අයිරෝඩ් ව්‍යාපෘතිය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ග්‍රාමීය මාර්ග 38 ක කිලෝ මීටර් 255 ක් කාපට් කර මුළුමනින්ම සංවර්ධනය කිරිමට මාර්ග සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. මේ සඳහා රුපියල් මිලියන 6,324 ක මුදලක් සහන ණයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනේ. දෙවසරක කාලයක් තුල මෙම මාර්ග සංවර්ධනය කටයුතු නිමා කිරිමට අපේක්ෂා කෙරේ. AP/DMU-Ratnapura