පේරාදෙනිය ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පේරාදෙනිය ස්වභාවික සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආර්. එම්. එස්. බී. රත්නායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙම ශාකය සදහා දිනකට මිලි ලීටර 300 ක පමණ වර්ෂාපතනයක් අවශ්‍ය වන බැවින් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ කටුපොල් වගා කිරිමෙන් සිදු විය හැකි පාරිසරික හානිය අවම වුවත් සාමාජීය ප්‍රශ්න මතු විය හැකි බව පැවසීය.
දැනට හෙක්ටයාර් 8,500 ක පමණ ප්‍රදේශයක මෙම කටු පොල් වගා කර ඇති අතර අවුරුදු හතරකින් පමණ වර්ධනය අවසන් කරන අතර අවුරුදු හතකින් පමණ ඵලදාව ලබා ගත හැකිය. රබර් වගාව සදහා ඵලදායී නොවන ඉඩම් කටුපොල් වගාව සදහා යොදා ගැනීමට දැනට යෝජනා වී ඇති අතර මේ පිළිබදව සාකච්ජාවක් පරිසර අමාත්‍යාංශයේදී ඉදිරි දිනවල පැවැත්විමට නියමිතය.
AP/DMU-Kegalle