නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අම්පාරේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

    පෙබරවාරි 05, 2016

    අම්පාර දිස්ත්‍රික්කයේ සිදු කරනු ලැබූ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මියගේ අතින් පසුගිය දා ජනතා අයිතියට පත් කෙරිණි.

    ඒ අනුව, සරණාගම ඉදිකළ ප්‍රජා ශාලාව සහ කුට්ටි ගල් ඇල්ලු මාර්ගය ජනතා අයිතියට පත් කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරිය සහභාගී විය. දොරින් දොර ගමින් ගමට ගම් 15,000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.

     

    මේ අතර රුපියල් මිලියනයක වියදමින් ඉදිකළ පදියතලාව කොලමන්තලාව ප්‍රජා ශාලාව දි ජනතා අයිතියට පත් කළ අතර ග්‍රාමීය සමෘද්ධි සංගමයේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරුණු මෙම ප්‍රජා ශාලාව මගින් 220 දෙනෙකුට පමණ ප්‍රතිලාභ සැලසී තිබේ.

     

    කුට්ටි ගල් අතුරා නවීකරණය කරනු ලැබූ පදියතලාව හෝලිකේ මාර්ගය ද පසුගියදා ජනතා අයිතියට පත් කෙරිණි. ග්‍රාමීය ජනතාව 200 දෙනෙකු පමණ ප්‍රතිලාභ ලබතැයි අපේක්ෂිත මෙම මාර්ගය ඉදිකිරීම සඳහා වියදම් කර ඇති මුදල රුපියල් මිලියනයක් පමණ වේ.

     

    මේ අතර, රුපියල් මිලියනයක වියදමින් ඉදිකළ දැලිකදුරාව, මාවුන්නවෙල මාර්ගය ද ජනතා අයිතියටපත් වූ අතර ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන යටතේ මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya