නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්පැන් වර්ගවල සුරා බදු ඉහළ දැමේ

    ඔක්තෝබර් 05, 2015

    මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නියෝගය පරිදි පසුගිය සෙනසුරාදා (03) සිට මත්පැන් වර්ගවල සුරා බද්ද ඉහළ දමා ඇතැයි සුරාබදු කොමසාරිස් (අපරාධ) එස්. ඩී. ද මැල්ලව මහතා ප්‍රකාශ කරයි.

    ඒ අනුව ඉක්ෂුපාක, තල්, පොල් සහ පදම් කළ අරක්කු සඳහා (සම්මත ලීටරයක් සඳහා) සංශෝධන බදු මුදල රුපියල් 1,595 ක් වන අතර මෙරට සහ විදේශ ස්ප්‍රීතු සඳහා (සම්මත ලීටරයක් සඳහා) සංශෝධන බදු මුදල රුපියල් 1,860ක් වේ.

     

    එසේම නිරපේක්ෂක සැර 5% අඩු ධාන්‍ය මත්පැන් සඳහා (තොග ලීටරයක් සඳහා) සංශෝධන බදු මුදල රුපියල් 190 ක් ද නිරපේක්ෂක සැර 5% වැඩි ධාන්‍ය මත්පැන් සඳහා (තොග ලීටරයක් සඳහා) සංශෝධන බදු මුදල රුපියල් 245ක් ද වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya