නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාවේ ප්‍රධාන පාසල් 50 න් 09 ක් මධ්‍යම පළාතට අයත්

    ජූලි 13, 2015

    ලංකාවේ ඉහළම පරිසාධන මට්ටමට පැමිණ ඇති පාසල් 50ට මධ්‍යම පළාතේ පාසල් 09ක් ඇතුළත් බව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඊ.පී.පී.කේ. ඒකනායක මහතා පවසයි.


    අධ්‍යක්ෂවරයා මෙම අදහස් පළ කළේ පළාත් සභාවේ වැඩබලන සභාපති ආර්.එම්.එස්.බී.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මධ්‍යම පළාත් සභා කාර්යාලයේදී පැවති මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ රැස්වීමේදීය.

    අධ්‍යාපන අමාත්‍යංශය මගින් සිදු කර ඇති වර්ගීකරණයකට අනුව මේ බව අනාවරණය වී ඇති බවත් පසුගිය වසර පහක කාලය පිළිබද විමසා බැලීමේදී මධ්‍යම පළාතේ අධ්‍යාපන කටයුතුවල වර්ධනයක් පෙන්වන බවත් අධ්‍යක්ෂවරයා පවසයි. පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල පිළිබද කළ විශ්ලේෂනයේදී ලංකාවෙන්ම වැඩිම පිරිසක් සාමාන්‍ය පෙළ සමත්ව ඇත්තේ මධ්‍යම පළාතෙන් බවත් එහි ප්‍රතිශතය 82% ක් බවද ඔහු වැඩි දුරටත් පවසයි.

    අ.පො.ස. උසස් පෙළ සහ 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල පිළිබද විශ්ලේෂණයට අනුව මධ්‍යම පළාත සෑම වසරකදීම ප්‍රගතියක් ලබා ඇති බවද අනාවරණය වී ඇත. මධ්‍යම පළත තුළ අධ්‍යාපන කලාප 15 ක් ඇති අතර කොට්ඨා‍‍ස 45 කි. පළාත තුළ පිහිටි සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 1527 ක් වන අතර එයින් 54 ක් ජාතික පාසල්ය. මධ්‍යම පළාතේ පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් 5,31000 පමණ සිටින අතර, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගුරුවරු 31302 ක් සේවය කරයි. ඒ අනුව මධ්‍යම පළාතේ ගුරු ශිෂ්‍ය අනුපාතය 22 : 1 ක් ලෙස වර්ධනයවී ඇති බවද මෙහිදී අනාවරණය විය.

    AP/DMU-Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya