නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිඹුලාගල නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන 15දා

    ජූලි 13, 2015
    අපවත් වී වදාළ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ උතුරු නැ‍ගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මල්දෙණියේ ජිනාලංකාර නා හිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අනිද්දා (15) දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී සිදුකිරීමට නියමිතය.
     
    මාස 4කට අධික කාලයක් රෝගාතුරව වැඩ විසූ උන්වහන්සේ පෙරේදා (11) උදෑසන අපවත් වූහ. 
     
    කොත්මලේ, මල්දෙණිය ගම්මානයේදී 1937 අප්‍රේල් 30 දින උපත උන්වහන්සේ වයස අවුරුදු 29දී දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර, කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ගේ උපාධ්‍යත්වයෙන් පැවිදි දිවියට පත්වූහ.
     
    1996 මැයි මාසයේදී දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපතිව වැඩ විසූ මාතර, කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමියන්ව කොටි ත්‍රස්තවාදීන් ඝාතනය කිරීමෙන් පසු උන්වහන්සේ සේනාසනයේ අධිපති වශයෙන් කටයුතු කිරීමට පත් කෙරිණි. දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේදී මේ වන විට භික්ෂූන්වහන්සේලා 1,500කට අධික පිරිසක් සසුන්ගත කොට තිබේ. මෙම ශාසන කටයුතුවලදී සියලු ම පාලන කටයුතු මෙහෙයවනු ලැබුවේද මෙම හිමියන් විසිනි. 
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya