කොරියානු භාෂා පරීක්ෂණය සමත්වූවන් වෙනුවෙන් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණ 13දා සිට 17දා දක්වා දිවයින පුරා පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථාන 9කදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව, භාෂා පරීක්ෂණ විභාගය සමත්වූ 4294ක් මෙම සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලබා ඇත. මෙම සම්මුඛ පරීක්ෂණවලින් සමත්වන්නන්ට ධීවර, කෘෂිකාර්මික සහ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා අවස්ථාව හිමි වේ. DB