නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ වතු කම්කරුවන් පානීය ජලය නොමැති වීම හේතුවෙන් බරපතල ගැටලු රැසකට මුහුණ දෙන බව හඳුනාගෙන ඇත. සීතල දේශගුණික තත්වයක ජීවත් වූවත්, ඔවුන්ට තම අවශ්‍යතා ඉටු කරගැනීම සඳහා පිරිසිදු ජලය ලැබෙන්නේ අවම වශයෙනි. මෙම හේතුවෙන් වතු කම්කරුවන් අතර බරපතල සෞඛ්‍ය ගැටලු රැසක් පැන නැගී ඇත.
අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වය යටතේ පසුගියදා දික්ඔය පැවති රැස්වීමක දී මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් වතු යටිතල පහසුකම් අමාත්‍යංශය විසින් මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ වතු 30කට පානීය ජලය සැපයීමට සැලසුම් කරන ලදී.
SDF