නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික නිවාස දින ජාතික උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්

    ජූනි 23, 2015
    ජාතික නිවාස දින ජාතික උත්සවය "සහභාගිත්ව නිවාස සංවර්ධනය" වන තේමාවෙන් අද (23) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් තිස්සමහාරාම දෙබරවැව පොදු ක්‍රීඩාංගණයේ දී සහ තංගල්ල නගර ශාලාවේ දී පැවැත්වේ.
     
    ඒ අනුව පෙරවරු 9.00ට තිස්සමහාරාම දෙබරවැව පොදු ක්‍රීඩාංගණයේ දී ජාතික නිවාස දින සමුළුව ආරම්භ වේ. දෙවැනි වැඩසටහන පස්වරු 2.30ට තංගල්ල නගර ශාලාවේ දී පැවැත්වේ.
     
    මෙම අවස්ථාවන්ට සමඟාමී ව ජාතික නිවාස දිනය නිමිත්තෙන් දිවයින පුරා වැඩමුළු හා සම්මන්ත්‍රණ පැවැත්වීමට නියමිත අතර වර්තමානයේ ක්‍රියාත්මක වන නිවාස 50,000 වැඩසටහන යටතේ නිවාසලාභීන්ට මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කිරීම ද සිදු කෙරේ.
     
    නාගරික අඩු පහසුකම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ වැසිකිළි පහසුකම් නොමැති දරුපවුල් වෙත අලුතින් වැසිකිළි 200ක් ඉදිකිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව හම්බන්තොට නගර සභා කලාපය තුළ පවුල් 100ක්, තංගල්ල නගර සභා කලාපය තුළ පවුල් 100ක් වශයෙන් තෝරාගෙන ඇත. ඒ යටතේ එක් පවුලකට රුපියල් 25,000ක මුදලක් ලබාදීම සිදු කෙරේ. මෙම වැඩසටහන දින 14ක් තුළ දී අවසන් කිරීමට ද සැලසුම් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya