නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දොරින් දොරට ගමින් ගමට" ජාතික වැඩ සටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 575 ක්

    ජූනි 22, 2015
     
    "දොරින් දොරට ගමින් ගමට" ජාතික වැඩ සටහනට සමගාමීව රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා රුපියල් මිලියන 575 ක් ලබා දීමට නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය පියවර ගෙන ඇත.
    මේ යටතේ මාර්ග, ජලසම්පාදන, සෞඛ්‍ය, විදුලිය, පෙර පාසල් හා පොදු ස්ථාන සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර එක් ග්‍රාමසේවා වසමක් සඳහා රුපියල් මිලියනක් බැගින් ලබා දේ .
     
    ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳහා 25% ක ප්‍රජා දායකත්වයක් ලබා ගැනේ.  මේ වන විට ව්‍යාපෘති යෝජනා 958 ක් ඉදිරිපත්  වි තිබෙන අතර ඉන් ව්‍යාපෘති 300 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවද රත්නපුර දිස්ත්‍රික් සැලසුම් අංශය පවසයි.
     
    AP/ DMU - Ratnapura
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya