නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී ලාංකිකයින්ට ඊශ‍්‍රායෙලයේ වැඩි රැකියා අවස්ථා

    ජූනි 17, 2015

    ඉදිරියේදී ශ‍්‍රී ලාංකිකයින්ට ඊශ‍්‍රායෙලයේ වැඩි රැකියා අවස්ථාවන් හිමිවන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.

     

    අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, පසුගියදා (13) ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව වෙනුවෙන් මෙරට සිටින ඊශ‍්‍රායෙල් තානාපති ඩැනියෙල් කාමන් මහතා විදේශ රැකියා අමාත්‍යංශයේදී හමුවූ අවස්ථාවේදීය.

     

    ඉදිරියේදී නව රැකියා අවස්ථා නිර්මාණය කර පුහුණු ශ‍්‍රමිකයින් වැඩිවශයෙන් ඊශ‍්‍රායෙල් රැකියා සඳහා ශ‍්‍රී ලංකාවෙන් ලබාගැනීමට අපේක්‍ෂා කරන බව ඊශ‍්‍රායෙල් තානාපති මෙහිදී අමාත්‍යවරියට සඳහන් කළේය.

     

    මෙම අවස්ථාවට ඊශ‍්‍රායෙල් තානාපති කාර්යාලයේ පළමු ලේකම් අසාෆ් මොර්ගන්, විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ, කාර්යාංශයේ සභාපති නීතීඥ නන්දපාල වික‍්‍රමසූරිය හා විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලක්‍ෂමන් අබේගුණවර්ධන යන මහත්වරුන් ද එක්වී සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya