නවීන තාක්ෂණයෙන් යුත් අංග සම්පුර්ණ ශල්‍යාලාරයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක්, වාට්ටු සංකිර්ණයක්, බාහිර ප්‍රතිකාර ඒකකයක් ඇතුළු අංශ කිහිපයක් මේ යටතේ ඉදිකෙරේ.
කළුතර දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත රෝහල් නවීන රෝහල් බවට පත් කිරීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙන යන වැඩ සටහන යටතේ මෙම රෝහල නවීකරණය කෙරේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ අධික්ෂණය යටතේ ජර්මනියේ ජී.ටී.ඊ.සී ආයතනය විසින් මෙම ඉදි කිරීම් සිදු කරන අතර ඊට අදාළ මුලික කටයුතු දැනටමත් අවසන් කර ඇත.
මෙම රෝහල නවීකරණය මගින් දකුණු කොළඹ මහ රෝහල තුල පවතින අධික රෝගීන්ගේ තදබදය අවම වනු ඇතැයිද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
AP/DMU - Kalutara