ඒ මහතා මෙසේ පැවසුයේ වාර්ෂික ඇසල පෙරහර උත්සවයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන්, මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ සම්බන්ධීකරණයෙන් ශ්‍රි දළදා මාලිගාවේදී පැවැති රැස්වීමකදීය.
ඒ අනුව අගෝස්තු මස 15 සිට 19 දක්වා සතර දේවාලයන්හී අභ්‍යන්තර පෙරහර පවත්වා අගෝස්තු මස 20 සිට 24 දක්වා කුඹල් පෙරහරත්, 25 සිට 28 දක්වා රන්දෝලි පෙරහරත් පැවැත්වීමට නියමිතය. අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු මස 29 වීදී සංචාරය කෙරෙනු ඇත.
අගෝස්තු මස 30 වන දින දවල් පෙරහර පැවත්වීමෙන් අනතුරුව පෙරහර සාර්ථකව නිමකල බව දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට පෙරහර සංදේශය බාර දීමෙන් ඇසල පෙරහර මංගල්‍ය නිලවශයෙන් නිමාවට පත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට මහනුවර පුරපති, මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති, සතර දේවාලයන්හී බස්නායක නිලමේවරුන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරින් විශාල පිරිසක් සහභාගි වුහ.
AP/DMU -kandy