නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර දිස්ත‍්‍රික්කයේ ශිල්පීන්ට NVQ 3 හා 4 මට්ටමේ සහතිකපත් පිරිනැමේ

    ජූනි 16, 2015
     
    ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මගින් මාතර දිස්ත‍්‍රික්කය පුරා විසිරි සිටින ගොඩනැගිලි ඉදිකිරීම් ශිල්පී, විදුලි කාර්මික, ජලනල කාර්මික සහ රූපලාවන්‍ය යන වෘත්තීන්හී යෙදී සිටින  ශිල්පීන් ඇගයීමට ලක්කොට ඔවුනට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් NVQ  3 හා 4 මට්ටමේ  ජාතික වෘත්තීය සුදුසුකම්  සහතිකය ලබා දීම පසුගියදා මාතර - වැලිගම නගර ශාලාවේ දී සිදු කෙරිණි. 
    අදාල ක්ෂේත්‍රයන්හි නිපුණතාවක් ඇති එහෙත් පිළිගත් සහතිකයක් නොමැති  2000 කට අධික ශිල්පීන් මෙම වැඩ සටහන යටතේ ඇගයීමට ලක් කෙරුණු අතර ඉන් 1301 දෙනෙකු සහතික ලබා ගැනීම සඳහා සුදුසුකම් ලැබූ අතර එයින් තෝරා ගත් සහතික ලාභින් 500 දෙනෙකු සඳහා නිල වශ‍යෙන් සහතික පත‍්‍ර ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු විය.
     
    මෙම අවස්ථාවට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් 
    අධිකාරියේ නිලධාරීන් ද සහභාගි වූහ. 
     
    AP/ DMU-TI- Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya