ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් මෙම වැඩසටහන සංවිධානය කළ අතර විදුහල්පතිවරුන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් ක්‍රියාවට නංවා ඇති සිනහ කදුළු පෙට්ටි බෙදා දීමෙන් අනතුරුව එහි ප්‍රගතිය සහ වත්මන් ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි මූලික ම අරමුණ විය.
මෙහි ආරාධිත දේශනයක් සිදු කිරීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික විශේෂඥ වෛද්‍ය රමණි රත්නවීර මහත්මිය සහභාගී වී සිටියා ය.
දරුවන්ට සවන් නොදීම, ළමා මානසික රෝග හා ගැටළු, පාසල් අවධිය තුළ ප්‍රායෝගිකව මුහුණ දෙන ගැටළු, ළමා අපයෝජන සහ දෙමව්පිය දූදරු සබඳතාවයන් පිළිබඳව මෙහි දී විශේෂයෙන් දැනුවත් කිරීම සිදු විය.
සිනහ කදුළු පෙට්ටි ලබාදීමේ වැඩසටහන සහ ළමා සංවර්ධන කමිටු ජාතිත ළමා ආරක්ෂණ අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලබන වැඩසටහනකි.
kpm/SH_DMU_Galle