එම අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ ආඥාපති යුද හමුදා පුහුණු මේජර් ජෙනරාල් මනෝ පෙරේරා විසින් පකිස්තාන යුද හමුදා ප්‍රධානී පිළිගනිමින් හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨ පිවිසුම් දොරටුව අභියසදී ආචාර සම්මාන මුරයක් ද පිළිගන්වන ලදී.
අනතුරුව පකිස්තාන යුද හමුදා ප්‍රධානී ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨ පරිශ්‍රය වෙත පැමිණ රණ විරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පිළිගැන්වීමෙන් පසු එතුමා වෙත පිරි නමනු ලැබූ ආචාර සම්මාන පෙළපාළිය නිරීක්ෂණය කරනු ලැබීය.
පකිස්ථානු හමුදා ප්‍රධානී විසින් ලබා දුන් මෙම අශ්වයින් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩී.බී. රාජගුරු මහතා විසින් පිළිගන්නා ලදී.
එම අවස්ථාව සිහිගන්වමින් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩී.බී. රාජගුරු මහතා විසින් ජෙනරාල් රහීල් ෂරීෆ් මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.