නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර

    ජූනි 08, 2015

    සියයට 40 කින් පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට කැබිනට් යෝජනා පත්‍රිකාව හැකිඉක්මනින් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. මහනුවර කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් සඳහා යතුරු පැදි බෙදා දීමේ උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    අනාගතයේදී පොලිස් දෙපාර්තමේන්තුව වැඩි දියුණු කිරීමට රජය පියවර ගන්නා බව ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය. සියයට 40 කින් පොලිස් නිලධාරීන්ගේ වැටුප් වැඩි කරන ලෙස වාර්තාවක් මහා භාණ්ඩාගාරය ඉදිරිපත් කර ඇතැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.

     

    ඔහු තවදුරටත් පැවසුවේ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට පැමිණි විට එය අනුමත කරගැනීම සඳහා තම පූර්ණ සහාය ලබා දෙන බව යි. මහනුවර පොලිස් කොට්ඨාසය තුළ පොලිස් නිලධාරීන් 1,555කට මෙහිදී යතුරු පැදි බෙදා දුන්හ.

     

    මෙම උත්සවය මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවති අතර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී දිසානායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya