කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ නෙළුම් පියස ශ්‍රවණාගාරයේ පැවැත්වූ මෙම වැඩමුළුව සඳහා එම ප්‍රදේශයේ පාසල් සිසුහු 300කට අධික පිරිසක් සහභාගි වූහ.
ඩයලොග් පුද්ගලික ආයතනයේ දායකත්වයෙන් පැවැත්වූ මෙම වැඩමුළුවේ දී විදුලි සංදේශ උපකරණ, විදුලි සංදේශ තාක්ෂණය සහ ප්‍රායෝගික වැඩසටහන් රැසක් හඳුන්වා දෙනු ලැබීය.
මෙම වැඩමුළුව සහ ප්‍රදර්ශණය සඳහා තාක්ෂණික සහය 9 වන ශ්‍රී ලංකා සංඥා බලකාය සහ 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් ලබා දී ඇත.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, කිලිනොච්චි ප්‍රදේශයේ පාසල්වල විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය සමඟින් පාසල් සිසුහු බොහෝ පිරිසක් සහභාගි වූහ.
NDH