නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශයේ ඉලක්කය නව කෘෂිකර්ම ප්‍ර‍තිපත්තිය යටතේ 2025දී දියුණු කෘෂි කර්මාන්තයක් ඇති කිරීමයි

    මැයි 17, 2015
    වගා හානි වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 2000ක් වෙනුවෙන් වන්දි ප්‍ර‍දානය කිරීමේ අවස්ථාව පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අනුරාධපුර, තඹුත්තේගම වෙහෙරගල විහාරස්ථානයේදී පැවැත්විණ.
     
    කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ "කෙතට අරුණ" පොහොර රක්ෂණ යෝජනා ක්‍ර‍මය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
     
    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, වන්දි මුදල ඉතාම කෙටි කාලයක් තුළ ගොවීන්ට ලබාදීමට හැකිවීම සතුටක් බව පැවසීය. කෘෂිකර්මයට අදාළ සියලු දෙපාර්තමේන්තු සහ ආයතන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පැවැත්වීම හේතුවෙන් මෙම කාර්යයන් ඉටුකිරීම වඩාත් පහසු වී ඇත.  අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ගොවීන් වෙනුවෙන් මෙවැනි ප්‍ර‍තිලාභ හිමිකර දීමට හැකි වී තිබේ.
     
    ලංකාවේ කෘෂිකර්ම ප්‍ර‍තිපත්තිය ඇති කිරීම සඳහා කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන් රැස්කර ඒ පිළිබඳව සාකච්ඡා සිදුකරන බව අමාත්‍යතුමා මෙහිදී අනාවරණය කළේය. ගොවියාට අස්වැන්න විකුණාගත නොහැකිවීම වැනි ගැටලු ඇති වන්නේ කෘෂි කර්මාන්තයට යම් නිශ්චිත වැඩ පිළිවෙළක් නොමැති වීම නිසාය. ඉල්ලුමට වඩා අස්වැන්න වැඩි නම් ඉන් ගොවියාට ලාභයක් උපයා ගැනීම අසීරුය. රටේ අවශ්‍යතාව අනුව වගා කිරීමට ගොවීන් පෙළඹෙන්නේ නම් අස්වනු විකුණා ගැනීමේදී ඇතිවන ගැටලු අවම කර ගත හැකිය. කෘෂිකර්ම ප්‍ර‍තිපත්තිය සකස් කර කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලසුම් යටතේ 2025දී දියුණු කෘෂි කර්මාන්තයක් ඇති කිරීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉලක්කයයි.  
     
    වෙළෙන්දාගේ උපදෙස් පරිදි වගාවට භාවිත කළ යුතු පොහොර මොනවාදැයි තීරණය කිරීම වෙනුවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්  අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට ගොවීන් නැඹුරු විය යුතුය. එමෙන්ම නිලධාරීන් නිරතුරුවම ගොවියාට අවශ්‍ය දැනුම සහ තාක්ෂණය ගමට ගෙන යාමට කැපවීමෙන් කටයුතු කළ යුතුය. සෑම බිම් අගලකම වගාකර රට ආහාරවලින් ස්වයංපෝෂිත කිරීමට ගොවීන් උනන්දු විය යුතුය. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවීන්ට අලුත් බෝග හඳුන්වාදීම වැදගත්ය.
     
    පක්ෂ විපක්ෂ භේදයකින් තොරව කෘෂි කර්මාන්තයෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට පෙළගැසෙන්නැයි ද රැස්ව සිටි පිරිසට අමාත්‍යවරයා ආරාධනා කළේය. මෙම අවස්ථාව සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya