නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර රියදුරු පුහුණු ධාවන පථයක් වේරහැරට

    මැයි 06, 2015

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ වේරහැර කාර්යාල පරිශ්‍රයේ රියැදුරු පුහුණු ධාවන පථයක් ජාත්‍යන්තර මට්ටමින් ඉදි කිරීමට නියමිත බව අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

    ඊයේ (05) අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 100ක් බවද ප්‍රකාශ කළේය.

     

    ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ රියැදුරු පුහුණු පරීක්ෂාව සඳහා දිනකට කොළඹට පැමිණෙන සංඛ්‍යාව 1,300ක් පමණ වන බවත් ඉන් 700ක් පමණ නවකයන් බවත් අමාත්‍යවරයා සඳහන් කාළේය.

     

    වේරහැර පරිශ්‍රය අක්කර   නමයක  භූමි  භාගයක  පිහිටා   ඇත. එම  භූමියෙන්   වැඩිම  කොටසක්   අදාළ  මාර්ග  පද්ධතියක තිබෙන සංඥා , හන්දි , වංගු , කඳු, සළකුණු ඇතුළු  සෑම  දෙයක්ම  අඩුවකින්   තොරව  නව  මාර්ග  පද්ධතියකට ඇතුළත්  වෙයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya