නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයට සහන දෙන්න ශී‍්‍ර ලංකා රතුකුරුස සමාජයත්

    මැයි 03, 2015

    නේපාලයේ දහස් ගණන් ජනතාවට මරු කැඳවමින් ඇති වූ භුමිකම්පාව හේතුවෙන් විපතට පත්වුවනට සහන සැලසීමට ශී‍්‍ර ලංකා රතුකුරුස සමාජය ද එක්ව සිටියි.

    නේපාල රතුකුරුස සමාජය සමගින් එක්ව සිදුකෙරෙන මෙම සහන වැඩසටහන්වලට එක් වී සිටින ශී‍්‍ර ලංකා රතුකුරුස සමාජය දැනට අන්තර්ජාතික රතු කුරුස හා රතු අඩසඳ සම්මේලනය රටවල් රාශියක ජාතික රතුකුරුස සමාජ සමග එක්ව නේපාලයේ සහන කටයුතු ආරම්භ කර ඇත.

     

    නේපාල රතුකුරුස සමාජය සෑම ආපදා අවස්ථාවකදීම නේපාල රජය සමග කටයුතු කරන ප‍්‍රධානතම ආයතන වේ. දැනට නේපාල රතුකුරුස සමාජය ආපදාව සිදු වු අවස්ථාවේ සිටම සහන කටයුතුවල නිරතවෙමින් සිටියි.

     

    ඒ අනුව දකුණු ආසියාතික රටක් වන ශී‍්‍ර ලංකාවේ සමීපතම මිත‍්‍රයකු වන නේපාලය වෙනුවෙන් ආධාර ලබාදීමට කැමති අයගේ ආධාර ලබාගෙන ඒ රටේ රතුකුරුස සමාජයට භාරදීම සිදුවෙන අතර ඒ සඳහා කැමැති අයට ආධාර මුදල් සම්පත් බැංකුවේ 092910000510 ගිණුමට බැර කළ හැකි බව ශී‍්‍ර ලංකා රතුකුරුස සමාජය දන්වා සිටියි.

     

    priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya