දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    ජනපතිගේ වැය ශීර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති මුදල සැලකිය යුතු ලෙස අඩුයි

    දෙසැම්බර් 06, 2024

    ජනාධිපතිවරයාගේ වැය ශීරෂය සඳහා වෙන් කර ඇති මුදල සැලකිය යුතු ලෙස අඩු බවත් එම වෙනකර ඇති මුදලද සම්පූර්ණයෙන්ම වියදම් කරන්නේ නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

    අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද(06) දිනයේ විවාදයට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව පැවසීය.  

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැය ශීර්ෂය වෙනුවෙන් වෙන් කළ මුදලින් සැලකිය යුතු ප්‍රමාණයක් වියදම් නොකර යළි රජයට භාර දෙන බවත් හෙතෙම පැවසීය.

    ජනාධිපතිවරයාගේ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල ,හිටපු ජනාධිපතිවරයා ලබන වසර සඳහා වෙන්කළ මුදලට වඩා කෝටි 14.06ක් අඩු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya