දෙසැම්බර් 12, 2024
tami eng youtube  twitter facebook

    බිඳවැටුණු සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්‍ර පිළිබඳ ජනතා විශ්වාසය දිනා ගැනීමට වැදගත්ම ලක්ෂණයක් - සෞඛ්‍ය ලේකම්

    දෙසැම්බර් 11, 2024

    සෞඛ්‍ය සේවාවේ හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වැදගත්ම ලක්ෂණය ජනතාව තුළ බිඳවැටුණු විශ්වාසය නැවැත දිනා ගැනිමට කටයුතු කිරීම වැදගත් ලක්ෂණයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස සිය ධූරයේ වැඩ ආරම්භ කරමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කළේය.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ද සහභාගි වූ අතර අද (11) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් පසු පැමිණ සිටි නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය අමතමින් නව ලේකම්වරයා මේ බව පැවසීය.
    වසර 05 කට පමණ පසු සෞඛ්‍ය අමාත්‍යාංශයට නැවත පැමිණීමට ලැබීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත්, විශ්වාසය යනු සමහර පුද්ගලයින් ළඟ ඇති, සමහරුන් ළඟ නොමැති ඉතා දුර්ලභ මැණිකක් මෙන් බව ද පෙන්වා දුන්නේය.
    එම විශ්වාසය දිනා ගනිමින් ආර්ථික ගැටලුවට මුහුණ දී සිටින ජනතාවට සාධාරණ මනුෂ්‍යත්වයෙන් හෙබි සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමට වත්මන් සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ මගපෙන්වීම, උනන්දුව සහ දැක්ම අනුව කටයුතු සිදු කරන බව ද ඔහු පැවසීය.
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඡ්‍යෙෂ්ඨ, පළපුරුදු නිලධාරීන් සමග ජනතාව බලාපොරොත්තු වන වෙනස ඇති කරමින්, අධිෂ්ඨානශීලීව‍ රට ඉදිරි සංවර්ධනය කරා ගෙනයාමේ වැඩපිළ‍ිවෙලේ පංගුකාරයින් වීමේ වාසනාව අප සැමට හිමිව තිබෙන බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya