අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා වූ වෙනස්කම් කඩිනමින් - රටට වැඩදායී හා ආර්ථිකයට ඝෘජුව දායක වන දරු පිරිසක් බිහි කිරීම අරමුණයි - ජනපති කියයි 

    අප්‍රේල් 22, 2021

    අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    රටට වැඩදායී සහ ආර්ථිකයට ඝෘජුවම දායකවන දරු පිරිසක් අනාගතයට දායාද කිරීම රජයේ අරමුණ බව ජනාධිපතිතුමා කියා සිටී.

     

    ( 21) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති “රටක් වටිනා පොතක් ” පොත් දස දහසක් ලිවීමේ ජාතික වැඩසටහනේ පළමු අදියරෙහි සහතික පත් ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    කොවිඩ් 19 වසංගතය නිසා පාසල් වසා තැබූ කාලය තුළ දරුවන්ගේ නිර්මාණශීලි ලිවීමේ හැකියාව සහ කියවීම වැඩිදියුණු කිරීමේ අරමුණින් ව්‍යාපෘතිය දියත් කෙරිණ. හිටපු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ අදහසකට අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලය ඒකාබද්ධව වැඩසටහන ක්‍රියාවට නැංවිණ.

    දිවයිනේ සියලුම රජයේ පාසල්, පිරිවෙන්, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්වල ඉගෙනුම ලබන
    1 වසරේ සිට 13 වසර දක්වා වයස් ඛාණ්ඩ 3කින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව පැවතිණ. ග්‍රන්ථ දස දහසක් ව්‍යාපෘතියේ ඉලක්කය විය. පිටපත් භාර ගැනීමේ අවසන් දිනය වන විට 43,000කට ආසන්න නිර්මාණ සංඛ්‍යාවක් දිවයිනේ සෑම පළාතකින්ම ලැබී තිබිණ.

    තෝරා ගැනුණ නිර්මාණ 100ක් මුද්‍රණය කර රාජ්‍ය සම්මාන පිරිනැමීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය. දිවයිනේ පළාත් 09ම නියෝජනය වන පරිදි තෝරා ගැනුණු සිසුන් තිස් දෙනෙකුට සංකේතාත්මකව සහතික පත් ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

    පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා “ජාතික ජනකතා සංග්‍රහය” පළමු වෙළුම ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    දරුවන් පොත පතට නැඹුරු කර, රටට ලෝකයට ආදරය කරන වැඩදායී පුරවැසියන් ලෙස සමාජගත කිරීම අත්‍යාවශ්‍ය වේ. රටක් දියුණු කළ හැක්කේ ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් බව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

    අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා යන මහත්වරු සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීහු, විදුහල්පතිවරු, ගරුවරුන් සහ සිසු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya