අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දින පණිවිඩය

    සැප්තැම්බර් 15, 2020

    “ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය සමාලෝචනය කිරීමට අවස්ථාවක් සපයයි.” ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ රටක අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම ප්‍රථමයෙන් සතුටට පත් වෙමි.


    ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම හා තහවුරු කිරීම සඳහා ලොව රටවල් දිරිමත් කරමින් 2007 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සෑම වරසකම සැප්තැම්බර් 15 වන දා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය ලෙස නම් කළේය.


    වත්මන් මිනිස් සමාජය තුළ සියල්ලෝම තම ප්‍රජානත්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු විය යුතු බව විශ්වාස කරති. ඔවුන්ගේ ජීවිතය, නිදහස හා සතුට ලැබීමේ අයිතිය රැකදීම ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාර්ථය විය යුතු බව අපි විශ්වාස කරමු.


    අපේ රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ජිනීවා මානව හිමිකම් කවුන්සලයට පිය නැගූ අතීතය මේ මොහොතේදී ද මාගේ සිහියට නැගේ. ත්‍රස්තවාදය නිමා කරමින් රටට සාමය උදා කොට අපි එදා ප්‍රාර්ථනා කළේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමයි.


    නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අප බලයට පත් වන සෑම අවස්ථාවකම පෙනී සිටීමට හැකිවීම රටක් ලෙස ආඩම්බර විය හැකි කරුණකි. මැතිවරණ නොපවත්වන ආණ්ඩුවලට එරෙහිව පෙළ ගැසෙමින් රටේ ජනතාව සමඟ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය උදෙසා අපි කටයුතු කළෙමු.


    ඉදිරියටත් නිදහස් හා සාධාරණ මැතිවරණ නියමිත කාල තුළ පවත්වමින් ජනතාව අප කෙරෙහි තැබූ ප්‍රජාතන්ත්‍රවාදයේ උතුම් හරයන් රැකීමට රජයක් ලෙස අපි කැපවන බව ප්‍රකාශ කරමු.
    ප්‍රජානත්ත්‍රවාදය රැක ගනිමින් නිදහස්, නිවහල්, ස්වෛරී රාජ්‍යක් ලෙස අනාගත ලොවට පිය නගන්නට ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය යෙදෙන අද දිනයේ මම සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කර සිටිමි.

    මහින්ද රාජපක්‍ෂ

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya