නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "හෙළ වාරි පුරාවත" ග්‍රන්ථය ජනපතිට පිළිගන්වයි

    ජූනි 20, 2018
     
    ශ්‍රී ලංකාවේ වාරි ක්ෂේත්‍රයේ ආරම්භයේ සිට මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිර්මාණය දක්වා තොරතුරු ඇතුළත් කරමින් ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇති "හෙළ වාරි පුරාවත" ග්‍රන්ථය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම ද ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.
    ඒ ඒ විෂය ක්ෂේත්‍ර සදහා ප්‍රවීණතාවයක් උසුලන හා දිවයිනේ කීර්තිමත් විද්වතුන් 25 දෙනෙකුගේ දායකත්වයෙන් මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
    ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය චන්දන රෝහණ විතානච්චි මහතා විසින් එම ග්‍රන්ථය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සරත් චන්ද්‍රසිරි විතාන, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජනරාල් අරුණ ප්‍රසාද් ලේකම්ගේ යන මහත්වරු ඇතුඑ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
    ( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය ) 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya