නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන සුබසිද්ධිය වෙනුවෙන් මහජන මුදල් නිසි ලෙස යොදනවාදැයි සොයාබැලීම අවශ්‍යයි

    ජූනි 18, 2018

    රාජ්‍ය මුදල් භාවිතයේ දී විනිවිදභාවය දක්නට ලැබෙන ලෙස මහජන මුදල් නිසි ආකාරයට මහජන සුබසිද්ධිය වෙනුවෙන් යොදනවාදැයි  සොයා බැලීම අවශ්‍ය බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ ( COPA)වත්මන් කටයුතු සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුම්වත් කිරීම සම්බන්ධයෙන් අද (18) බත්තරමුල්ල,වෝටර්ස් ඒජ් හි පැවැති වැඩමුළුවට සහභාගී වෙමින්
    කතානායකවරයා මේ බව පැවසී ය.

    පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ජනමාධ්‍යයට යුතුකමක් තිබෙනවා. රාජ්‍ය ආයතන 837ක් නියම ලෙස විගණකාධිපතිවරයාගේ, පාර්ලිමේන්තුවේ අධීක්ෂණයට ලක් වුණා. මෙහි සුවිශේෂී සාර්ථකත්වයක්
    තිබෙනවා. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මුලීක පරමාර්ථයක් වන්නේ, මුදල් පාලනයේ දුර්වලතාවය, දූෂණය සොයා බැලීමයි. ඔන් ලයින් ක්‍රමවේදය හරහා විශාල වෙනස්කමක් සිදුව තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනතින් ද ශක්තියක් ලැබී තිබෙනවා.

    රාජ්‍ය මුදල් භාවිතයේ දී විනිවිදභාවය දක්නට ලැබෙන ලෙස මහජන මුදල් නිසි ආකාරයට මහජන සුබසිද්ධිය වෙනුවෙන් යොදනවා ද යන්න සොයා බැලීම අවශ්‍යයි. මේ පිළිබඳව විවාදයක් හෙට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා. 

    රටේ උත්තරීතර ආයතනය නියෝජනය කරන ඕනෑම මන්ත්‍රීවරයකුට මෙම කාරක සභාව පිළිබඳව නිරීක්ෂණය කළ හැකියි.මෙය පටු දේශපාලන වාසියට නොගෙන රටේ මහජන සුබ සිද්ධිය පිණිස යොදාගැනීමවඩා වැදගත්
    වෙනවා. ජනතා සුබසාධනයට මහජන මුදල් යෙදවිය යුතුයි යැයි ද කතානායකවරයා පැවසීය.

    මේ අවස්ථාවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති,ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ,පාර්ලිමේන්තුවේ සහකාර ලේකම් ටිකිරි ජයතිලක මහතා, රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ ලේකම්
    අනූෂා සූරියප්පෙරුම මහත්මිය, අධ්‍යක්ෂ ජගත් ගජවීර මහතා, විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya